මෙම වෙනස් කිරීම Facebook හි මව් සමාගම වන Meta විසින් කෘත්‍රිම බුද්ධිය (AI) සහ දෘශ්‍ය තාක්ෂණය (Smart Glasses) වෙත දක්වන අවධානය සහ කැපවීම මනාව විදහා දක්වන බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.
සාම්ප්‍රදායිකව නිල් පැහැති පසුබිමක ඇති “f” අකුර සහිත Facebook ලාංඡනය වෙනුවට, නව පැතිකඩ පින්තූරය තුළ ‘Meta AI Glasses’ (Meta AI කණ්ණාඩි) පැළඳ සිටින රූපයක් දැකගත හැකියි.
මෙම කණ්ණාඩි Meta සමාගම විසින් Ray-Ban සමග එක්ව නිෂ්පාදනය කරන ලද Ray-Ban Meta Smart Glasses සංකේතවත් කරනු ලබනවා.


















