BREAKING NEWS
Search

මම ශූටින් මඟ හැරලා නෑ.. ගෞරවනීය විදිහට අවසන් කරලා ආවා. මායාවී නාට්‍යයෙන් එක පාරටම අතුරුදහන් වූ එමාශාගෙන් පැහැදිලි කිරීමක්

531

ජනප්‍රිය නිළි එමාෂා සෙනවිරත්නට, රසික සමූහයාට උත්තර බඳින්න වෙලා.

ඒ, ඇය ටෙලි නිර්මාණයකින් ඉවත්වෙලා කියන වැරදි වැටහීමක් නිසාවෙන්.

එමාෂා සිය ෆේස්බුක් ගිණුමකට එක්කළ සේයා රූ එකතුවකට ලැබෙන ප්‍රතිචාරවලටයි, ඇයට මෙහෙම ප්‍රති උත්තර දෙන්න වෙලා තියෙන්නෙ.

එම නට්‍යයේ ‘හිතෛෂි’ ලෙස රසික ආදරය දිනූ එමාෂා, නාට්‍ය මඟ නතර කරලා යුරෝපා සංචාරයක නිරතවන බවකි, අදාළ ඡායාරූප දකින බහුතරයකගෙ අදහස වෙලා තිබුණෙ.

කොහොම නමුත් ඒ වැරදි වැටහීම එමාෂා මේ විදියට නිවැරදි කරලා තිබුණා…..

”මට තේරෙන හැටියට ගොඩක් අය හිතනවා මම ශූටින් මඟ හැරලා ඉන්නවා කියලා.

එහෙම දෙයක් වෙලා නෑ. මම කිසිම ටෙලිනාට්‍යයකට එහෙම කරලත් නෑ.

මම මගෙ චරිතයේ ශූටින් ඔක්කොම ඉවර කරලා ඉන්පස්සෙයි මේ ගමන ආවේ.

ජූලි වල ඒ අවසන් දර්ශන රූගත කලේ.

එතනින් මම ගෞරවනීය විදිහට අවසන් කරලා ආවා මිසක් මඟ දාලා ආවේ නෑ.

නාට්‍යය තුළ චරිතය මියයාම රූගත කරලා පිලිවෙලට අවසන් කලා.

කතාව අවසන් වෙන්නෙ නැහැ. එය ඉදිරියට යාවි.

නමුත් මම දැනුවත් ප්‍රමාණය මෙච්චරයි.

යුරෝපයට ආවේ පෞද්ගලික කාරණාවකට. ඒ ගැන ඉදිරියේදී මට හිතුනොත් ඔයාලට කියන්නම්.

හොයල බැලුවට ස්තූතියි.”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *