බස් රථයේ සිටි ඇඟලුම් සේවිකාවන් 5 දෙනකු සුළු තුවාල ලබා කරවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇත. ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බව රෝහල් ආරංචි මාර්ග පවසන්නේ.
රියැදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, බස් රථයේ කාර්මික දෝෂයක් හේතුවෙන් අනතුර සිදුවන්නට ඇතැයි පොලීසිය සැක පළකරනවා.
යටියන්තොට පොලීසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක ඊ.එන්.පී. ඒකනායක මහතාගේ උපදෙස් පරිදි, රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් සැරයන් 35610 රාජපක්ෂ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් අනතුර සම්බන්ධ පරීක්ෂණ සිදු කරනවා

















