ඉන්දියාවේ රාජස්ථානයේ ඩීග් දිස්ත්‍රික්කයේ කක්රා ගම්මානයේදී විවාහක කාන්තාවක් දරුවන් නොමැතිවීම හේතුවෙන් ඇගේ මාමණ්ඩිය සහ නැන්දම්මා විසින් ඝාතනය කර තිබෙනවා.
මෙම සිදුවීම සිදුව ඇත්තේ ඛෝ පොලිස් ස්ථානයට අයත් කක්රා ගම්මානයේදී වන අතර එහිදී එම කාන්තාව සැකකටයුතු තත්වයන් යටතේ මියගොස් සිටියදී සොයාගෙන තිබෙනවා.
ඝාතනය වසන් කිරීමට සහ එය හදිසි අනතුරක් ලෙස පෙන්වීමට, කාන්තාවගේ සැමියාගේ දෙමාපියන් ඇගේ සිරුර නිවසේදී ගින්නක් අති කර පුළුස්සා දමා ඇති අතර, ඇය නිවසේ ඇතිවූ ගින්නකින් මියගිය බව ගම්වාසීන්ට පවසා තිබෙනවා.
කෙසේ වෙතත්, ගම්වාසීන් සැක සිතා අවසන් කටයුතු සිදු කිරීමට පෙර පොලිසියට දැනුම් දී ඇති බව සඳහන්.
තොරතුරු ලැබීමෙන් පසු, පොලිසිය දුරකථනයෙන් කාන්තාවගේ මාමණ්ඩිය සහ නැන්දම්මා සම්බන්ධ කරගෙන, අවසන් කටයුතු සිදු නොකරන ලෙස උපදෙස් දී තිබෙනවා.
එසේ තිබියදීත්, ඔවුන් කඩිමුඩියේ සිරුර රැගෙන ආදාහනාගාරය වෙත ගෙන යාමට උත්සාහ කර ඇති අතර කෙසේ වෙතත්, ආදාහන කටයුතු සිදු කිරීමට පෙර, ඛෝ පොලිස් ස්ථානයේ නිලධාරීන් එම ස්ථානයට පැමිණ අඩක් පිලිස්සුණු සිරුර භාරයට ගෙන ඩීග් රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති බව සඳහන්.
ඛෝ පොලිස් ස්ථානාධිපති මහේන්ද්‍ර ශර්මා කියා සිටියේ කක්රා ගම්මානයේදී සර්ලා නමැති විවාහක කාන්තාවක ඝාතනය කිරීම සම්බන්ධයෙන් තොරතුරු ලැබී ඇති බවයි. ඔහුට අනුව, නිවස තුළ සිරුර පුළුස්සා දැමීමට උත්සාහ කර තිබෙන බවයි.
සර්ලා මුලින් නගර් පොලිස් ස්ථානයට අයත් රවුනිජා ගම්මානයේ පදිංචිකාරිනියක් වෙන අතර. ඇය 2005 වසරේදී කක්රා ගම්මානයේ පදිංචි අශෝක් සමඟ විවාහ වී තිබෙනවා.
සර්ලාට දරුවන් නොසිටි අතර මෙම සිද්ධියෙන් පසුව, සර්ලාගේ පවුලේ සාමාජිකයන් ඩීග් රෝහලට පැමිණ ඇගේ සැමියා වන අශෝක් සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඇයව ඝාතනය කළ බවට චෝදනා කර තිබෙනවා.
ඇගේ සහෝදරයා වන වික්‍රාන්ත් චෝදනා කළේ, දරුවන් නොමැතිවීම හේතුවෙන් අශෝක් නිතරම සර්ලාට හිරිහැර කර පහර දුන් බවයි.
විවාහයෙන් පසු, දරුවන් නොමැතිවීම හේතුවෙන් සර්ලාට ඇගේ සැමියා විසින් දිනපතා හිරිහැර කර පහර දුන් බවයි ඔහු පැවසුවේ.
ඔවුන්ගේ පවුලේ සාමාජිකයන් කිහිප වතාවක්ම මැදිහත් වීමට ගමට ගිය නමුත්, අශෝක් දින කිහිපයක් පමණක් හොඳින් හැසිරී නැවතත් හිරිහැර කිරීම ආරම්භ කරන බවයි ඔහු පැවසුවේ.
වික්‍රාන්ත් වැඩිදුරටත් පැවසුවේ, අශෝක් තම සහෝදරිය නිවසේදී පුළුස්සා දමා අවසන් කටයුතු කිරීමට පටන් ගත් බවයි. “අපි මේ ගැන දැනගෙන හිටියේ නැහැ. අපි දැනගත්තට පස්සේ, අපි කක්රා වෙත ඉක්මනින් ගියා, නමුත් පොලිසිය ඒ වන විටත් මගේ සහෝදරියගේ සිරුර ඩීග් රෝහලට ගෙන ගිහින් තිබුණා” නීම සඳහා විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ.




















