BREAKING NEWS
Search

වන්දනාමාන කරන්න දේශපාලකයන් අවශ්‍ය නෑ

67

වන්දනා මාන කරන්නට දේශපාලකයන් රටට අවශ්‍ය නැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවැසීය.

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ කඩවත සිට මීරිගම දක්වා ඉදිකිරීම් ඇරැඹීමේ උත්සවයට සහභාගී වෙමින් ජනාධිපතිවරයා මේ බව කීය.

” පාර්ලිමේන්තුවේ නීතියත් සම්මත කළාම ඊට සමච්චල් කරන නායකයන් ඉන්නවා.ගතානුගතික, හිස් පුම්බා අතහරින ලද චරිත වෙනුවෙන් අපේ ජනතාව වැය බරක් දැරිය යුතු නැහැ.අපට අවශ්‍ය දියුණු දේශපාලකයන්.වන්දනා කරන්න දේශපාලකයන් අපට අවශ්‍ය නෑ.දේශපාලකයන්ට වැඳගෙන ඉන්න පුරවැසියන්ගෙන් රටක් ඉදිරියට ගෙන යන්න බෑ.ලෝකයේ දියුණුම ජාතිය ශ්‍රී ලංකාවේ ගොඩනැගීමේ අභියෝගය අප බාර ගෙන තිබෙනවා යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *