තම ශරීරයේ අවයව කොටස් දාහතරක් මෙලොව ජීවත් වීමේ පුද්ගලයන්ට ලබා දී මියගිය යුධහමුදා විශ්‍රාමික මේජර් වරයකු පිළිබඳ පුවතක් ගලේවෙල ඇතා බැඳිවැව තලකිරියාගම ප්‍රදේශයෙන් දැන ගැනීමට ලැබුණි.
ඔහු 44 හැවිරිදි එම්. ජී. ජයවීර නම් තිදරු පියෙකි.
මෙම කොමාන්ඩෝ බලකායේ සෙබලාගේ ශරීරයේ සියලු ඉන්ද්‍රියන් ඉතාමත් සෞඛ්‍ය සම්පන්නව තිබීම හේතුවෙන් ඔහුද මිය යන්නට පෙර ඥාතීන් සමඟ පවසා ඇත්තේ තවත් අයෙකුට ජීවත්වීමට තම ශරීරයේ කොටස් ලබා දීමට අවශ්‍ය බවය.
දණහිස් ඇතුළු ශරීරයේ අභ්‍යන්තර ඉන්ද්‍රියයන් දාහතරක් දන් දීමට කැමැත්ත පළ කළ බවය.
සදාදර සොයුරැ සෙන්පතියානනි නුබ කල ඒ මෙහෙයට සමස්ත ජාතියේම උත්තමාචාරය පුද කරන අතර, තේජමාන විරුවෝ අපගේ හදපිරි භක්ති ප්‍රණාමයද පුදකර සිටින්නෙමු


















