හිටපු සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දුගේ නිල නිවාසයේ ජල හා විදුලි බිල්පත් ගෙවීම සඳහා, 2024 වසර තුළදී රුපියල් දස ලක්ෂයකට අධික මුදලක් අමාත්‍යාංශ අරමුදල්වලින් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය මගින් හෙළිකර තිබේ. විගණන වාර්තාවට අනුව, මෙලෙස ගෙවා ඇති මුළු මුදල රුපියල් 1,062,665කි.
මුදල් රෙගුලාසි 135ට අනුව, රාජ්‍ය මුදල් මෙලෙස වැය කිරීම සම්බන්ධයෙන් අදාළ නිලධාරීන් වගකිව යුතු බවට විගණනය මගින් නිර්දේශ කර ඇත. මෙම තොරතුරු අනාවරණය වී ඇත්තේ සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ 2024 වර්ෂයට අදාළ කාර්යසාධන විගණන වාර්තාව මගිනි.
gossip lanka News


















