BREAKING NEWS
Search

හෝටලයක කසල බඳුනකින් නොසිතූ දෙයක් මතුවෙයි..

870
මේ කියන්න යන්නේ තවත් එක් වෙනස් ආරංචියක්. ඒ කතාව ඇසෙන්නේ කොළඹ කොටුව හෝටලයකින්.


කොළඹ කොටුව හෝටලයක වැසිකිලියක කසල බඳුනක තිබී ජීව උණ්ඩ 17 ක් සොයාගත් බව කොටුව පොලිසිය පවසනවා.

පිරිසිදුකිරීමේ යෙදී සිටි සේවකයන් වැසිකිළිය පිරිසිදු කිරීමට යාමේදී මෙම ජීව උණ්ඩ තොගය කසල බඳුන තුළ තිබෙන අයුරු දැක ආරක්ෂක නිලධාරීන්ට පැවසීමෙන් අනතුරුවයි, ඒ බව දුරකථනය හරහා පොලිසියට දැනුම්දී තිබෙන්නේ. ඒවා පසු ඒවා සිය භාරයට ගත් බව පොලිසිය පැවසුවේ.

පොලිස් භාරයට ගත් එම ජීව උණ්ඩ පරික්ෂා කිරීමේදී නයින් එම් එම් එම් වර්ගයේ ජිව උණ්ඩ බවට අනාවරණය වී ඇති අතර, කිසියම් පුද්ගලයෙකු ඉතා සූක්ෂම ලෙස මෙම වැසිකිළිය තුළට පැමිණ මෙම ජීව උණ්ඩ තොගය කසල බඳුනට දමා යන්නට ඇතැයි පොලිසිය සැක කරනවා.

කොටුව පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිලීප සී පෙරේරාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂකයාට එස් මයුරන් මහතා ඇතුළු කණ්ඩායමක් පරීක්ෂණ පවත්වනවා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *