BREAKING NEWS
Search

බස් රථයක් සහ ලොරි රථයක් මුහුණට මුහුණ ගැටෙයි

147

හොරණ – රත්නපුර ප්‍රධාන මාර්ගයේ එපිටවෙල ප්‍රදේශයේ දී අද (16) උදෑසන පෞද්ගලික බස් රථයක් සහ ලොරි රථයක් එකිනෙක ගැටී සිදුවු අනතුරකින් 15 දෙනෙකු තුවාල ලබා තිබේ.

අදාළ බස් රථය පෞද්ගලික ආයතනයක සේවකයින් ප්‍රවාහනය කරනු ලබන බස් රථයක් බවට අනාවරණය වුණි.

තුවාලකරුවන් ඉඩංගොඩ සහ රත්නපුර රෝහලට ඇතුළත් කර ඇති අතර, කිරිඇල්ල පොලීසිය අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *