නීති විරෝධී ආකාරයෙන් බස් රථ ඇතුළු මගේ ප්‍රවාහන රථවල සවිකර ඇති අංගෝපාංග සම්බන්ධවපොලිසිය ඉතා දැඩිවලින් නීතිය ක්‍රියාත්මක කරන බව රථවාහන පරිපාලන හා මාර්ග ආරක්ෂාව භාර නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පවසයි.
ඔහු පැවසුවේ ඉදිරියේදී මෙවැනි නීති විරෝධී ආකාරයෙන් අංගෝපාංග සවිකර ඇති රථවාහන සඳහා රක්ෂණ වන්දි ලබා ගැනීමේදී එම වන්දි ලබාගත නොහැකි ආකාරයට නීති හඳුන්වාදීමට බලාපොරොත්තු වන බවයි

















