BREAKING NEWS
Search

කාන්තාවක් නිදියහනේදීම අබිරහස් ලෙස මිය ගිය කාන්තාවක් ගැන ඇසෙන ඇග හිරිවැටෙන කතාව

1251

දඹුල්ල තිත්තවැල්ගොල්ල ප්‍රදේශයේ කාන්තාවක් සිය නිවස තුළදී අබිරහස් ලෙස මිය ගොස් තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 34ක් වන එක්දරු මවකි.

අදාළ කාන්තාව නිදි යහනේදීම හදිසියේ මිය ගොස් සිටි බවට දඹුල්ල පොලිසියට ලද පැමිණිල්ලකට අනුව දඹුල්ල පොලිසිය විසින් විමර්ශනක් ආරම්භ කර ඇත.

මියගිය කාන්තාව ගලේවෙල කලාප අධ්‍යාපන කාර්යාලයේ කළමනාකරණ සේවා නිලධාරිනියක් වන අතර ඇය සිය සැමියා සහ වයස අවුරුදු පහක් වූ කුඩා පිරිමි දරුවා සමග නිවසේ වාසය කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය විසින් සැමියාගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමවලදී අනාවරණය වී ඇත්තේ ඇය විභාගයකට සූදානම් වෙන නිසා පස්වරු  4.00ට පමණ නිදා ගැනීමට ගිය බවත් පසුව රාත්‍රියේ ඇය අවදිකිරීමට යන අවස්ථාවේදී කතා නොකිරීම නිසා ප්‍රදේශවාසීන්ට දැනුම් දී ගිලන් රථය ගෙන්වා රෝහල්ගත කිරීමට සූදානම් වූ බවත් ය.

කෙසේ වෙතත් ගිලන් රථය පැමිණ ඇයව රෝහල්ගත කිරීමට යාමේදී ඇය මියගොස් ඇති බවට අනාවරණය වූ පසුව පොලිසියට ඒ බව දන්වා සිටි බව ඔහු වැඩිදුරටත් පවසා ඇත.

මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත බවත් අදාළ සිද්ධිය පිළිබඳව දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට තොරතුරු වාර්තා කොට ඉදිරි පරීක්ෂණ මහේස්ත්‍රාත්වරයා ඉදිරියේ පැවැත්වීමට නියමිත බවත් පොලිසිය පැවසුවේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *