ඇය මීට දින කිහිපයක පටන්, ජීවිතයත් මරණයත් අතර සටනක තරග කළා. නාමලීට ආදරය කරන අය සිටියේ ඒ සිද්ධිය නිසා ඇයට මෙවැනි ඉරණමක් අත්වේවි යන හැඟීම හීනයක් පමණක් බව සිතායි. ඒත් ඇගේ දෛවයත් හිතුවාට වඩා වෙනස්.
ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ සිදුවූ බස් අනතුරින් බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 41 හැවිරිදි නාමලී ගමගේ ඊයේ සිය ජීවිතයෙන් සමුගත්තා. මෙලෙස මිය ගිය නාමලී ගමගේ තංගල්ල නගර සභාවේ සේවය කරන තැනැත්තියක් බවයි වාර්තා වෙන්නේ.
ඒ අනුව ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 වන සැතපුම් කණුව ආසන්නයේ සිදුවූ මේ රිය අනතුරෙන් මේ වනවිට මියගිය පුද්ගලයින් ගණන 16ක්.
සමාජමාධ්‍ය ඇසුරෙන්..



















