BREAKING NEWS
Search

විරසක වි සිටි පෙම්වතියට වෙඩි තබන්න ගොස් පෙම්වතියගේ මුණ දැක පෙම්වතාට දුක සිතී වෙච්ච දේ

562

ගොවිඳුපුර පොලිස් වසමට අයත් බුද්ධම, රිටිගහවත්ත ප්‍රදේශයේදී විරසක වූ සිය පෙම්වතියට උදෑසන කාලයේදී වෙඩි තැබීමට ගිය පෙම්වතා පෙම්වතියගේ මුහුණ දැක අනුකම්පා සිතී කැප් තුවක්කුවකින් අහසට වෙඩි තබා පලා ගොස් ඇතැයි ගොවිඳුපුර පොලිසිය පවසයි.

24 හැවිරිදි තරුණිය ගම් ප්‍රදේශයේම පදිංචි 29 හැවිරිදි තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර මීට වසරකට පමණ ඉහතදී දෙදෙනා විරසකවී තිබේ. ඇය දැනට මොනරාගල නගරයේ කම්හලක සේවය කරයි. ඇය වෙනත් තරුණයකු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන යන බවට ආරංචි වී පැරණි පෙම්වතා, ඇය අදාළ කර්මාන්ත ශාලාවේ බස් රථයට ඒමට නිවසේ සිට අතුරු මාර්ගයක් ඔස්සේ පැමිණෙමින් සිටියදී පාර හරස් කොට ඇයට වෙඩි තැබීමට උත්සාහ කර ඇයගේ මුහුණ දැක අනුකම්පා සිතී පසුව අහසට වෙඩි තබා පලා ගොස් ඇත. ඔහු අත්අඩංගුවට ගැනීමට ගොවිඳුපුර වැඩබලන පොලිස් ස්ථානාධිපති ඩී.එම්. කරුණා ශාන්ත මහතා පරීක්ෂණ පවත්වයි.

බඩල්කුඹුර – රවිඳු ගුණතිලක




Leave a Reply

Your email address will not be published. Required fields are marked *