BREAKING NEWS
Search

ඇල්ල අනතුරෙන් බරපතල තුවාල ලැබූ කාන්තාවක් ගැන දුක හිතෙන ආරංචියක්

5150

ඇල්ල – වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ සිදුවූ බස් අනතුරින් බරපතළ තුවාල ලබා බදුල්ල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවක් අද (12) ජීවිතක්ෂයට පත්ව තිබේ.

අප වාර්තාකරු පැවසුවේ එලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, 41 හැවිරිදි නාමලී ගමගේ නැමති තංගල්ල නගර සභාවේ සේවිකාවක් බවය.

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ 24 වන සැතපුම් කණුව ආසන්නයේ සිදුවූ රිය අනතුරෙන් මේ වනවිට මියගිය පුද්ගලයින් ගණන 16ක් දක්වා ඉහළ ගොස් තිබේ.

පසුගිය සැප්තැම්බර් මස 4 වන දා රාත්‍රීයේ මෙම අනතුර සිදුව තිබූ අතර,එහිදී තංගල්ල නගර සභාවේ ලේකම් ටී.ඩබ්ලිව්.කේ. රූපසේන මහතා ඇතුළු එම නගර සභාවේ සේවකයින් 12 දෙනෙකු ද මිය ගොස් තිබුණි.

තංගල්ල නගර සභාවේ සේවකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් විනෝද චාරිකාවක් සඳහා පැමිණි බස් රථයක් මෙලෙස අනතුරට ලක්වී තිබුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *