නිවසින් පිටවෙද්දී සංව්දී වූ හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ – කදුළු සලමින් කිව්ව දේ මෙන්න

792

අද (11) කොළඹ විජේරාම මාවත නිවසින් පිටව තංගල්ල නිවස වෙත මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිවරයා හා හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්ෂ නිවසේ දොරින් පිටවන අවස්ථාවේ මාධ්‍ය කැමරා කණ්ඩායම් ග්‍රහණයට හසුවිය.

එම අවස්ථාවේ මහින්ද රාජපක්ෂගෙන් ඔබතුමාට මොනවද කියන්න තියෙන්නේ? ඇසූවිට ඔහු සිනාසී කියා සිටියේ  “මොනව කියන්නද අපට යන්න කිව්වා අපි යනවා” ලෙසින් පමණි.

පසුව මාධ්‍ය කැමරා කන්ඩායම් අල්ලාගත්තේ වාහනයේ අනෙක් පස ශිරන්ති රාජපක්ෂ ආර්යාවයි.

ඇගෙන් මෙසේ විමසන ලදි.

මැඩම් මාධ්‍යයට වචනයක් කියන්න

පිළිතුර:- මම සාමාන්‍යයෙන් කතා කරන්නේ නෑනේ.මම දේශපාලනය කරන්නේ නෑනේ.වැඩ කරනවා විතරයි. කතාව නෑ මගේ.

ප්‍රශ්නය:- ආණ්ඩුව ගැන මොකක්ද කියන්න තියෙන්නේ.

පිළිතුර:- ඒවා ගැන මම මොකුත් කියන්නේ නෑ.මම දේශපාලනය කරන්නේ නෑනේ.

ප්‍රශ්නය:- මැඩම් දුකින්ද ඉන්නේ?

පිළිතුර:- අපොයි නෑ…

එසේ කියද්දී ඇගේ දෑසේ කඳුළු තිබූ අතර ටිකකින් ඇය කඳුළු පිසදාගන්නා හැටි වීඩියෝවටද නැගිණි. මේ අවස්තාවේ වැඩි කතාවට යන්න එපා කියන ආකාරයකින් අනෙක් පස සිටි මහින්ද ශිරන්තිගේ පිටට තට්ටුවක් දමා ඇති ඇති යයි අතින් සන් කරන අයුරුද වීඩියෝවට නැගිණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *