ඔහු ගුරුවරියක වන දියණිය හා ආරක්ෂක අංශයේ රැකියාවක නියුතු බෑණනුවන් හා තම නිවසේ වාසය කලා.
මීට මාස හයකට පමණ පෙර දියණියට කුළුඳුල් දරුවා ලැබී ඇති අතර තාත්තා ළඟ දරුවා තබා රැකියාවට යාමට නොහැකි නිසා පිළියමක් ලෙස ඒ සඳහා සුදුසු වැඩිහිටි කාන්තාවක දියණිය හා බෑණා විසින් සොයා තිබුණා …
එහිදී ඔවුන්ට වැඩිහිටි දරුවන් ද තිදෙනකු සිටින ස්වාමියා අහිමි ඥාති කාන්තාවක හමුවී තිබෙනවා…
ඇගේ නම කාන්ති …
ඔවුන් කාන්තිට උදේ සහ දිවා ආහාර සමග රුපියල් 35,000ක පඩියක්ද ලබා දී තිබෙනවා.
උදේ පැමිණ සවස ගෙදර යන පොරොන්දුව මත ඇය රැකියාව කරලා.
පසුගිය දිනක උදෑසනම මේ තාත්තා තේ එකවත් නොබී ත්‍රිරෝද රථයෙන් නිවසින් පිටවී ගොස් ඇත්තේ ‘‘මට ලේ එකක් චෙක් කරගන්න තියෙනවා’’ යැයි කියමින්.
දියණිය පාසල් යාමට සූදානම් වී දරුවා බලාගන්නා කාන්ති පැමිණෙන තෙක් බලාසිට ඇගේ ප්‍රමාදය නිසා දුරකථනයට ඇමතුමක් ලබාගෙන ඇති අතර එයද විසන්ධිවී තිබී ඇත.
කෙටි නිවාඩුවක් හෝ දමා රැකියාවට යන චේතනාවෙන් තාත්තා දැන්ම එන්නේ දැයි බැලීමට ඔහුට ඇමතුවද ඔහුගේ දුරකතනයද විසන්ධි වී තිබී ඇත. ඉන්පසු වැඩිහිටි කාන්තාවගේ දියණියට ඇමතුමක් ගෙන විමසීමේදී ඇය පවසා ඇත්තේ ‘‘අම්මා උදේම ආවා’’ … කියලයි…
ඉන්පසු ඈ සිදුවී ඇති අලකලන්චිය ගැන සිය ස්වාමියාට දන්වා තිබෙනවා.
ඔහු සිද්ධිය අසා ‘‘ගින්දරයි පුළුනුයි ළං කළේ අපි තමයි. මම ඉක්මනින් එන්නම්’’ යැයි පවසා කලින් නිවසට පැමිණ තිබෙනවා..
සිදුවූ සිදුවීම් පෙළගස්වා බැලීමේදී මේ දෙදෙනාම තම තමන්ගේ ඇඳුම් පවා ගෙන ගොස් ඇති බැවින් කොහේ හෝ එකට ඇති බව තහවුරු වුණා..
සිදුවිය හැකි අවමානය නිසා සිද්ධිය පොලීසියට දැනුම්දීමට පාර්ශව දෙකම එකඟවී නැ.
පසුව බෑණාගේ සම්බන්ධතා හරහා සොයා බැලීමේ දී මොවුන් දෙදෙනා ආසන්න ගමක නිවසක් කුලියට ගෙන සතුටින් සිටින බව දැනගන්නට ලැබී තිබුණා.
දරුවා දිවා සුරකුම් මධ්‍යස්ථානයකට යොමුකර මූලික ගැටලුව විසඳාගෙන ඇතත් හිතවතුන් හා ඥාතීන් තාත්තා පිළිබඳව විමසීමේ දී මොවුන් දෙපළ තවමත් දැඩි අසීරුතාවයට පත්වන බවයි ආරංචි වෙන්නේ…
දෙයියෝ සාක්කි ඇසුරින්




















