BREAKING NEWS
Search

විපක්ෂය එල්ලෙන්න වැල් නැති වුනාම හැම වැලකම එල්ලෙන්න හදනවා

127

එල්ලෙන්න වැල් නැති විපක්ෂය ටී වී ෂෝ දමමින් සිටින බව වෙළෙඳ ,වාණිජ ,ආහාර සුරක්‍ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.

‘විපක්ෂය එල්ලෙන්න වැල් නැති වුනාම හැම වැලකම එල්ලෙන්න හදනවා.අපි මේවට මුහුණ

දෙන්න සූදානම්. ඔබ තුමාලා ප්‍රශ්න ඇහුවොත් ඒවට උත්තර දෙනවා.අපේ මන්ත්‍රීවරු විනයක් සහිතව කටයුතු කරද්දී විපක්ෂය  මන්ත්‍රීවරියන්ට අපහාස කළා.බොරු ටීවී ෂෝ දාන්නේ නැතිව එලියට ඇවිත් කියන දෙයක් කියන්න.පාර්ලිමේන්තුව වැදගත් සභාවක් ලෙස මෙහෙයවන්න අප සහාය ලබා දී තිබෙනවා. එහෙම තියෙද්දී ටී.වී ෂෝ දානවා.පාර්ලිමේන්තු පිටියට මාධ්‍යයට එන්න කියලා ටීවී ෂෝ එකක් කළා නම් හරි.පාර්ලිමේන්තුවේ කාලය මේ විදියට අවභාවිතා කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් තිබෙනවා යනුවෙන්ද අමාත්‍යවරයා කීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *