වයස අවුරුදු 15ක්වූ බාලවයස්කාර දැරියක මව්පිය භාරකාරත්වයෙන් අපහරණය කොට අපයෝජනය කළ බව කියන 18 හැවිරිදි පෙම්වතා හා ඊට ආධාර අනුබල දුන් බව කියන කාන්තාවක් ලබන 17 දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකරන ලෙස කළුතර වැඩබලන මහෙස්ත්‍රාත් බන්දුල වීරසිංහ මහතා නියම කළේය.
මෙම දැරිය කුඩා කාලයේදීම මව මියගොස් ඇති බව අධිකරණයේදී අනාවරණය වූ අතර වින්දිත දැරිය පියාට භාරදෙන ලෙස කළුතර වැඩබලන මහෙස්ත්‍රාත්වරයා නියම කරන ලදී. දොඩන්ගොඩ පොලිස් ස්ථානාධිපති පො.ප. ප්‍රසාද් සිරිවර්ධන මහතාගේ උපදෙස් මත පො.කො. (93584) මධුරංග මහතා සැකකරු හා සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
කළුතර විශේෂ – එස්. ආරච්චිගේ


















