BREAKING NEWS
Search

ඇල්ල අනතුරේ බස් රථ හිමිකරුට දුන් නියෝගය මෙන්න

1027

ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කනුව ප්‍රදේශයේ දී 15කට මරු කැදවා 18 කට තුවාල සිදු කරමින්   අඩි දහසක පමන ප්‍රපාතයකට පෙරලීගොස් සිදුවු බස්‍ අනතුරේ බස්‍ රථ අයිතිකරු ඇල්ල පොලිසිය අත්අඩංගුවට ගෙන බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් අධිකරනයට අද (10) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ශ 2 ක ශරීර ඇප සහ රුපියල් 50000ක මුදල් ඇප මත මුදා හැරීමට බණ්ඩාරවෙල මහේස්ත්‍රාත් ගැමුණු චන්ද්‍ර්සේකර මහතා නියෝග කළේය.

ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණය බාරයට ගන්නා ලෙසටද මහේස්ත්‍රාත්වරයා නියම කළේය.

මීට අමතරව බස්‍ රථ අයිතිකරුට මෙම පරීක්ෂන කටයුතු සදහා පූර්ණ සහය ලබාදෙන ලෙසටත් කිසිවෙකු ට හෝ බලපෑම් නොකරන ලෙසට මහේස්ත්‍රාත් වරයා  තරයේ අවවාද කර සිටියහ .

අගුනුකොලපැලැස්ස හැඩකැටිය ප්‍රදේශයේ පදිංචි කේ.ඒ.නිරෝශන් (41)  නැමති පෞද්ගලික බස් රථ අයිතිකරුට මෙසේ ඇප නියම විය.

බණ්ඩාරවෙල ජේෂ්ඨ පොලිස් අධිකාරි ඒ.ඒ.ආර් පී අමරසිංහ ,  බණ්ඩාරවෙල සහකාර පොලිස් අධිකාරි 1 උදයකුමාර , ඇල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී කේ යූ ඩබ්ලිව් අබේගුණවර්ධන , උපපොලිස් පරීක්ෂක තෙන්නකෝන් , පොලිස් සැරයන් 75637 රත්නායක යන මහත්වරුන් පරීක්ෂන පැවත්වූහ .




Leave a Reply

Your email address will not be published. Required fields are marked *