BREAKING NEWS
Search

නාමල් ජනාධිපති වෙන්නේ අයිස්ලන්තෙද? අමාත්‍ය බිමල් අසයි

47

නාමල් ජනාධිපති වෙන්න හදන්නේ “අයිස්ලන්තයේ” දැයි සභානායක ප්‍රවාහන,මහා මාර්ග, වරාය හා සිවිල්  ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අද ප්‍රශ්න කළේය.

මෙවැනි ගිවිසුම් 12ක් පමණ අප පසුගිය කාලයේ සම්මත කර තිබෙනවා.එක්සත් අරාබි රාජ්‍යය සමඟ මේ ගිවිසුමට පෙර ඩොලර් මිලියන 1000ක සෘජු විදේශ ආයෝජන රටට ඇවිත් තිබෙනවා. ආර්ථිකය නන්නත්තාර ගිහිපු රටක අලුත් කණ්ඩායමක් ලෙස අප පැමිණ මේ මුදල ගෙන ඒම ගැන සතුටු විය හැකියි. ආයෝජකයන්ට හිතකර සමාජයක් ගොඩනගා ඇති බව අප  ඔප්පු කර තිබෙනවා.කුඩු සංස්කෘතිය රැකපු කුඩු කාරයෝ රැකපු අය අද කුඩු ගෙනාවේ මේ ආණ්ඩුවෙන් යැයි කියනවා.නාමල් ජනාධිපති වෙන්න හදන්නේ අයිස්ලන්තයේද කියා මා අහන්න කැමතියි යනුවෙන්ද බිමල් රත්නායක මහතා කීය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *