BREAKING NEWS
Search

විනය පරීක්ෂණයකටැයි කියා බදුල්ල දොස්තර 21වතාවක් කොළඹට කැඳවලා

304

බදුල්ල ශික්ෂණ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා විනය පරීක්ෂණයක් සඳහා කොළඹ රාජ්‍ය සේවා කොමිෂන් සභාවට අද කැඳවනු ලැබීය.

තමා 2022 වසරේදී මාධ්‍ය හමුවකදී කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් සිදු කෙරෙන විනය පරීක්ෂණයකට අදාළව එලෙස කොළඹ කැඳවා ඇති බව  කළ විමසුමක දී වෛද්‍ය පාලිත රාජපක්ෂ මහතා පැවැසීය.

බදුල්ල ශික්ෂණ රෝහලේ ඖෂධ හිඟයක් තිබෙන බවට තමා එදා මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කළ බවත් ඒ සම්බන්ධයෙන් එවකට සෞඛ්‍ය බලධාරීන් විනය පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කළ බවත් ඔහු පැවසීය.

තමා මෙවර කොළඹ පැමිණියේ එම විනය පරීක්ෂණ මණ්ඩලය හමුවේ 21 වැනි වතාවට පෙනී සිටීම සදහා බව ද පාලිත රාජපක්ෂ මහතා සඳහන් කළේය.

වසර කීපයක් තිස්සේ අවස්ථා ගණනාවක දී තමා එලෙස රාජ්‍ය සේවා කොමිෂන් සභාවට කැඳවා පරීක්‍ෂණ කටයුතු සිදු කරන බව ද වෛද්‍ය රාජපක්ෂ මහතා සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *