BREAKING NEWS
Search

ශිෂ්‍යත්ව විභාගයේ අභියාචනා කැඳවීම ගැන දැනුම්දීමක්

137

2025 වසරේ පහ වසර ශිෂ්‍යත්ව විභාගයට අදාළව අභියාචනා කැඳවීම සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල්, ඉන්දිකා කුමාරි ලියනගේ මහත්මිය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ අනුව අභියාචනා උත්තරපත්‍ර පරීක්ෂාව සඳහා 2025.09.09 වන දින සිට 2025.09.22 වන දින තෙක් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදුකළ හැකිය.

මේ සඳහා විභාග අපේක්ෂකයා ඉගෙනුම ලබන පාසලේ විදුහල්පති විසින්, පාසල වෙත ලබාදී ඇති පරිශීලක නාමය හා මුරපදය භාවිත කර https://onlineexams.gov.lk/eic/index.php/clogin/ දරණ වෙබ් අඩවියේ SCHOOL LOGIN වෙත පිවිස අභියාචනා ඉදිරිපත් කළ යුතු බව ද විභාග කොමසාරිස්වරිය දැනුම්දෙයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *