මෙම වසර තුළ සිදුවන තෙවන ග්‍රහණය ලෙස පූර්ණ චන්ද්‍රග්‍රහණය 2025.09.07 ප.ව. 23.41 ට සිදු වේ. චන්ද්‍රග්‍රහණයක් යනු චන්ද්‍රයා, සූර්යයා අතරට පෘථිවියේ සෙවණැල්ල පැමිණීම මේ නමින් හැඳින්වේ. සූර්යය මස සිංහ, රවි 16 භාගයක් වූ චන්ද්‍ර මස නිකිණි පුර පසළොස්වක තිථියලත් රිවි දින ග්‍රහණය සිදු වේ. මෙය පුවපුටුප නැකතේ පළමු පාදය තුළ සිදු වේ. පුවපුටුප නැකත වනාහි කාලවර්ණ, පුල්ලිංග, කෘර, ත්‍රිපාද, අධෝමුඛ, ආකාශ භූත තරු දෙකකින් යුතු නැකතකි.
කුම්භ ලග්න ලංකා කේන්ද්‍රයේ ලග්නගතව මෙම ග්‍රහණය සිදු වේ. ඒ අනුව මහජන සෞඛ්‍ය පිළිබඳ ගැටලු ඇති වන බව පෙනේ. ග්‍රහණය කුම්භ රාශිය තුළ සිදුවන බැවින් සාගත වසංගත වෛරස් රෝග ව්‍යාප්ත වන බව පෙන්නුම් කරයි. එමෙන්ම මන්ත්‍රීවරුන් සහ ලේඛකයන්ට විපත් ඇති වන බව පෙනෙන්නට තිබේ. රජයට සහ ඉහළ නිලධාරීන්ට ග්‍රහණයෙන් පසු සති 3-4 ක කාලය තුළදී අහිතකර ප්‍රතිඵල ඇති වන බව පෙනේ.
කලා ක්ෂේත්‍රයේ ලංකාව තුළ නම රැන්දූ අයෙකුට මාරකයක් පෙනෙන්නට තිබේ. බොහෝ විට ගංවතුර, නායයාම්, කඳු කඩාවැටීම් වැනි ස්වාභාවික විපත් පවා ඇති වන බව පෙනේ.
තත්කාල කේන්ද්‍රයේ 10 වැන්න තුළ ග්‍රහණය සිදුවීම මත පාර්ලිමේන්තුව සහ විදේශීය වෙළඳාම සම්බන්ධ ගැටලු ඇති වන බව පෙන්නුම් කරයි. ජනතාව අතර අප්‍රසාදය, කලකිරීම් ඇති කරයි. ප්‍රකට සමාගම් මෙන්ම ආයතනවල දූෂණ අක්‍රමිකතා එළියට එන කාලයක් ද වේ.
තත්කාල කේන්ද්‍රයේ 22 දෙර්කානාධිපති කුජට අයත්ව ගමන් කිරීම මත ප්‍රබල රිය අනතුරු, හද කම්පා කරවන සිදුවීම් නිරන්තරයෙන්ම සිදුවන බව පෙන්නුම් කරයි. තවද මේ මොහොත වන විට දුකට අධිපති ශනි ද වක්‍ර චලිතයේ ද ගමන් කරන බැවින් පීඩිත කම්කරු, සෞඛ්‍ය යන අංශවල උද්ඝෝෂණ ද ඇති කරයි. සමහර පක්ෂ කැඩී බිඳී යයි. රජයට මහත් කරදර බාධකවලට මුහුණපෑමට සිදුවන බව පෙනෙන්නට තිබේ.
දුම්රිය, තැපැල් දෙපාර්තුමේන්තුවල ගැටලු, අලාභ ඇති වන බව පෙනේ. විපක්ෂය ප්‍රබල වේ. රිය අනතුරු, හද කම්පා කරවන සිදුවීම් වේ. යුරෝපය, අප්‍රිකාව, ආසියාවට චන්ද්‍රග්‍රහණයේ බලපෑම ප්‍රබල ලෙස ඇති කරනු ලබයි.
රජය සහ මහජනතාව තෙරුවන් කෙරෙහි මහත් පැහැදීමෙන් දාන, සීල, භාවනා ආදියෙහි නිරත වීමෙන් ඉවසීමෙන් යුතුව අන්‍යෝන්‍ය විශ්වාසයෙන් බෝධි පූජා, බුද්ධ පූජා කිරීමෙන් ඉහත කරුණු වලින් මිදීමට හැකිවනු ඇත.
සමස්ත ලංකා වෘත්තීය ජ්‍යොතිෂවේදීන්ගේ සංගමයේ ලේකම්
ආචාර්ය. පී.කේ.තරංග කුමාර
















