BREAKING NEWS
Search

ඇල්ල අනතුරේ ඉතිරි වූ සාක්ෂිය.. ඇත්තටම මොකද වුණේ…

369

මේක නම් අමතක කළ නොහැකි අඳුරු මතකයක් කිවුවොත් හරියටම හරි..


ඇල්ල ප්‍රදේශයේදී අනතුරට පත්වූ බස් රථයේ කොටස් අද(08) රජයේ රස පරීක්ෂකවරයා විසින් නිරීක්ෂණයට ලක්කිරීමට නියමිතයි.

පසුගියදා ගොඩගනු ලැබූ බස් රථයේ කොටස් සහ ජීප් රථය පෙරේදා ඇල්ල පොලිසියට ගෙන එනු ලැබුවා.

එසේම, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලදාරීන් පිරිසක් ද, අද දිනයේ බස්රථයේ කොටස් නිරීක්ෂණය කිරීමට නියමිත බවද වාර්තා වනවා.

ඇල්ල – වැල්ලවාය මාර්ගයේ ඇල්ල සහ රාවණා ඇල්ල අතර කොටසේ 24 වැනි කණුව ආසන්නයේදී බස් රථයක් අඩි දහසක පමණ ප්‍රපාතයකට පෙරළී අනතුරට ලක්වුණේ පසුගිය 04 වැනිදා රාත්‍රියේයි.

අනතුරින් බස් රථ රියැදුරු, තංගල්ල නගර සභාවේ ලේකම්වරයා ඇතුළු එහි කාර්ය මණ්ඩල සාමාජිකයින් 12 දෙනෙකු හා දරුවන් දෙදෙනෙකු ඇතුළු 15 දෙනෙකුට දිවි අහිමි වුණා.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *