BREAKING NEWS
Search

රථ වාහන නීතිය අද සිට දැඩිව

88

රථ වාහන නීතිය අද (08) දිනයේ සිට දැඩිව ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි.

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පෙන්වා දෙන්නේ ඒ සදහා පොලිස් නිලධාරීන් වාහන පරීක්ෂා කිරීමේ කටයුතු සදහා දිවයින පුරා යොදවන බවය.

ධාවනයට නුසුදුසු තත්ත්වයේ පවතින වාහන, වර්ණ වෙනස් කිරීම් සිදුකර ඇති වාහන මෙහිදි පරීක්ෂා කිරීමට නියමිතව ඇත.

ඊට අමතරව විවිධ වර්ණ සහිත අමතර පහන් සවිකර ධාවන කරන වාහන, වාහනවල ඉදිරිපස, පිටුපස සහ බඳෙහි චිත්‍ර මෝස්තර සහ වෙළඳ දැන්වීම් ප්‍රදර්ශණය කිරීම, නීති විරෝධී සවිකිරීම් පිලිබදව ද පරීක්ෂා කිරීමට නියමිතය.

ඝෝෂාකාරී නලා සවිකර ඇති වාහන සහ අධික ශබ්ද සහිත සයිලන්සර් සහිත වාහන සම්බන්ධයෙන් ද අද දිනයේ සිට නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට උපදෙස් ලබා දී ඇති බවද ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සදහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *