BREAKING NEWS
Search

ඇල්ල අනතුරේ බස්‍ රියැදුරු ගැන ඇසෙන අලුත්ම කතාව

27328

ඇල්ල 15කනුව ප්‍රදේශයේදී  15කට මරු කැදවමින් 18 කට තුවාල සිදුකර රාවණා ඇල්ල රක්ෂිතයේ අඩි දහසක පමණ ප්‍රපාතයකට පෙරලී ගිය විනෝද චාරිකා බස්‍ රථය පැදවූ රියදුරුගේ රුධිර සාම්පල හෙට (7) වැඩිදුර පරීක්ෂණ කටයුතු සදහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන බව ඇල්ල පොලිසිය පවසයි .

තංගල්ල නගර සභාවේ සේවකයන් පිරිසක් සිය පවුලේ සාමාජිකයන් සමග නුවරඑළිය විනෝද චාරිකාවක ගොස් ආපසු තංගල්ල බලා ගමන් කරමින් සිටියදි ඉකුත් 4 වනදින රාත්‍රි ඇල්ල වැල්ලවාය ප්‍රධාන මාර්ගයේ 15 කනුව ප්‍රදේශයේ දී මෙම විනෝද චාරිකා පෞද්ගලික බස් රථය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ සුඛෝපභෝගී ජීප් රථයකද ගැටී පසුව මාර්ගය අසල තිබු ආරක්ශිත යකඩ වැටේ ගැටී රාවණා ඇල්ල ප්‍රපාතයට පෙරලීයාමෙන් මෙම අනතුර සිදුව තිබින .

අනතුරින් එම විනෝද චාරිකා බස්‍ රථයේ රියැදුරු තංගල්ල  හේනකඩුව පදිංචි තෝමරා හැන්නැදිගේ චිරාත් දිමන්ත (25) නැමති තරුණ  රියැදුරුද මියගියේය .

මෙම විනෝද චාරිකා පෞද්ගලික බස් රථය පදවන අවස්ථාවේ එම රියැදුරු මත්ද්‍රව්‍ය හෝ කිසියම් විශ මත්ද්‍රව්‍යයක් පාවිච්චි කර සිටියේ ද යන්න සොයා වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදු කිරිම සදහා මෙසේ ඔහුගේ රුධිර සාම්පල වැඩ්දුර පරීක්ෂණ කටයුතු සදහා රජයේ රස පරීක්ෂක වෙත ඉදිරිපත් කරන බවත් ඇල්ල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච් පී පාලිත මහතා සදහන් කලේය .




Leave a Reply

Your email address will not be published. Required fields are marked *