BREAKING NEWS
Search

එක කඹයක් අල්ලන්න 200ක් විතර එකතු වෙලා හිටියා. ඒ වෙලාවේ තිබුණු තත්ත්වය හැටියට මම ත් කඹයක් අල්ලගෙන හිටියේ – මාධ්‍යවේදියෙක් හෙලිකල බිහිසුණු අත්දැකීම

175

කඹයක් අල්ලන්න 200ක් විතර එකතු වෙලා හිටියා’

අනතුරට පත්වූවන් මුදා ගැනීම සඳහා කඹ යොදා පහළට බැසීමේදී ඉහළ සිට එම කඹ අල්ලාගෙන සිටීමට විශාල පිරිසක් සහය දැක්වූ බව මාධ්‍යවේදියෙක් කියයි.

“අඩි 700කට වැඩි ප්‍රපාතයක්. පුළුවන් හැමෝම බැස්සා. හරියට ආලෝකයක්වත් නැතුව තමයි බැස්සේ මේ හැමෝම ලොකු අවදානමක් අරගෙන. පැය බාගෙකට එක්කෙනෙක් වගේ තමයි උඩට ගත්තේ,” ඔහු විස්තර කළේ ය.

“එක කඹයක් අල්ලන්න 200ක් විතර එකතු වෙලා හිටියා. ඒ වෙලාවේ තිබුණු තත්ත්වය හැටියට මම ත් කඹයක් අල්ලගෙන හිටියේ.”

ආරක්ෂිතව අනතුරට පත්වූවන් ඉහළට ගෙන ඒම සඳහා ඒ මොහොතේ පැමිණ සිටි පිරිස් ක්‍රියාකළ ආකාරය ඔහු විස්තර කළේ ය.

“ඒ කඹ දිගේ තමයි පහළට ගිය අය ගිහිල්ලා බේරගත්ත අය උඩට ගෙනාවේ. ලොකු බරක් තිබුණා.ගොඩක් අය ඒ කඹේ එල්ලිලා හිටියේ. එතකොට ඒ එක කඹයක් මිනිස්සු 200ක් 300ක් විතර අල්ලාගෙන හිටියා.”

“අනතුර වුණා කියලා සමාජ මාධ්‍යයේ ලොකු ප්‍රචාරයක් ගියා. ඒක දැනගත්ත ගමන් ම විවිධ ප්‍රදේශවලින් මිනිස්සු ඇවිල්ලා හිටියා උදව් කරන්න.”

“මේ හැමෝම එකිනෙකාට අඳුරන්නේ නැති අය. ගමේ කොල්ලෝ, රස්සාවලට ගිහින් එන මිනිස්සු, ඒ පාර භාවිතා කරලා වාහනවලින් වෙන ගමන් යමින් හිටපු අය හැමෝම මේ වැඩේට සහයෝගය දුන්නා.”

“පුළුපුළුවන් හැමෝම තමන්ට පුළුවන් විදිහට උදව් කළා. වතුර බෝතලේ ඉඳන් කඹේ එල්ලිලා ඉන්න එක වෙනකන් උදව් කළා,” ඔහු වැඩිදුරටත් පැවසුවේ ය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *