මෙම අනතුර ඊයේ (04) රාත්‍රී 11.00ට පමණ සිදුව ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ.
අනතුර සිදුවන අවස්ථාවේදී ත්‍රිරෝද රථයේ රියදුරු, ඔහුගේ බිරිඳ සහ අවුරුදු හතරක් සහ දෙකක් වයසැති දරුවන් දෙදෙනා ගමන් කරමින් සිට ඇති අතර, ඉන් මව සහ කුඩා දරුවන් දෙදෙනා තුවාල ලබා වටවල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර තිබෙනවා.
රියදුරු පවසන පරිදි, වංගු සහිත මාර්ගයේදී ත්‍රිරෝද රථය පාලනය කර ගැනීමට නොහැකිවීම අනතුරට හේතුව වී තිබෙනවා.
සිද්ධිය සම්බන්ධයෙන් වටවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනවා




















