BREAKING NEWS
Search

කොත්තු, රයිස් රසිකයන්ට සුභ ආරංචියක්. නොසිතූ ලෙස කොත්තු, රයිස් ඇතුළු ආහාර රැසක මිල ගණන් පහළට…

123
ඔබටත් සමහරවිට මේ පුවත වැදගත් වෙනවා.. නිතර නිතර කඩෙන් ආහාර ලබාගන්නා අය ඇත්තටම මේ ගැන දැනුවත් වෙන එක වැදගත් වේවි..
අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මකවන පරිදි ආහාර වර්ග කිහිපයක මිල පහත දැමීම සඳහා කටයුතු කළ බව සමස්ත ලංකා ආපනශාලා හා අවන්හල් හිමියන්ගේ සංගමයේ සභාපති හර්ෂණ රුක්ෂාන් සඳහන් කළා..

අත්‍යාවශ්‍ය ආහාරද්‍රව්‍යන්හි මිල අඩුවීම හේතුවෙන් එම සහනය පාරිභෝගික ජනතාවට ලබාදීම සඳහා මෙලෙස ආහාර වර්ග කිහිපයක මිල පහත දැමීමට කටයුතු කරන බවයි ඔහු අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේ..

ඒ අනුව, ව්‍යංජන සහිත බත් පාර්සලයක්, ෆ්‍රයිඩ් රයිස්, කොත්තු, බිරීයානි, නාසිගුරාන් මිල රුපියල් 25කින් පහළ දමන බවයි ඔහු සඳහන් කළේ..

එමෙන්ම, බිත්තර රොටී මෙන්ම පරාටා එකක මිල සහ කෙටි ආහාරවල (Short Eats) මිල රුපියල් 10කින් පහත දැමීමට තීරණය කළ බවත් ඔහු සඳහන් කළා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *