BREAKING NEWS
Search

මෙරට දහසක් දරුවන්ගේ ජීවිත සුවපත් කරන රිජ්වේ ආර්යා ළමා රෝහල ගැන ඇසෙන අලුත්ම කතාව මෙන්න..

234
ලංකාවේ තවත් එක් ප්‍රධාන පෙළේ රෝහලකින් ඇසෙන කතාවක්..

ස්නායුගත ආබාධ සහිත ළමයින් සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් පිහිටුවීම සමබන්ධයෙන් මේ වනවිට අවධානය යොමුව තිබෙනවා..

ඒ සඳහා රජය රු. මිලියන 200ක් වෙන් කර ඇති බව අගමැති ආචාර්ය හරිනි අමරසූරිය පවසන්නේ..

එම දරුවන්ගේ මුල් ළමා විය සංවර්ධනයට දිවා සුරැකුම් මධ්‍යස්ථානයක් පිහිටුවීමට රු. මිලියන 250ක් වෙන් කර ඇති බවද අගමැතිනිය පවසනවා..

යුරෝපා සංගමයේ සහාය ඇතිව යුනිසෙෆ් ආයතනය සංවිධානය කළ කළාපීය දැනුම් හුවමාරු වැඩසටහනේ සමාරම්භක අවස්ථාවට එක්වෙමින් ඇය මේ සඳහන් කළා..

අගමැතිවරිය මෙහිදී පවසා සිටියේ රජය විසින් 2025 වර්ෂයේදී අයවැයෙන් ළමුන් කේන්ද්‍ර කරගත් විශේෂ මූල්‍යමය ක්‍රියාමාර්ග කිහිපයක් හඳුන්වා දී ඇති බවයි..

නිවාසගත හෝ භාරකරුවන් භාරයේ සිටින දරුවන් සඳහා මාසික රු. 5,000ක දීමනාවක් ලබාදීම සඳහා රු. බිලියනයක් වෙන් කර ඇති බවත් සහතික ලත් ළමා නිවාස ආයතන 379කට රු. මිලියන 500ක් වෙන් කර ඇති බවත් ඇය මෙහිදී පැවසුවා..




Leave a Reply

Your email address will not be published. Required fields are marked *