BREAKING NEWS
Search

ලංකාවට ඇවිත් ව්‍යාපාර කළ රුසියානු තරුණියක් අත්අඩංගුවට

752

සංචාරක වීසා මත මෙරටට පැමිණ ව්‍යාපාර කටයුතු සිදුකළ රුසියානු ජාතික කාන්තාවක් උණවටුන සංචාරක පොලිස් ඒකකයවිසින් අත්අඩංගුවට ගෙන ඇත.

29 හැවිරිදි වියේ පසුවන ඇය සංචාරක වීසා උල්ලංඝනය කර උණවටුන ප්‍රදේශයේ සමාජ ශාලාවක් ආකාරයෙන් හෝටලයක් හා ආපනශාලාවක් පවත්වාගෙන ගොස් ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අත්අඩංගුවට ගත් රුසියානු කාන්තාව හබරාදූව පොලිස් ස්ථානයට භාරදී ඇති අතර, හෙට (5) ගාල්ල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *