BREAKING NEWS
Search

දුම්රියක් පීලි පැනීමෙන් 15කට දිවි අහිමිවෙයි

3706

ලිස්බන් අගනුවර ප්‍රධාන සංචාරක ආකර්ෂණයක් වන වසර 140ක් පැරණි ග්ලෝරියා ෆර්නිකුලර් දුම්රිය පීලි පැනීමෙන් පුද්ගලයින් 15 දෙනෙකු මිය ගොස් ඇත.

තවත් 18 දෙනෙකු රෝහල් ගත කර ඇති අතර, ඉන් පස් දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය පවසයි.

ඊයේ සවස 4.5ට පමණ සිදු වී ඇති මෙම අනතුරින් ජාතිකත්වය තහවුරු කළ නොහැකි මියගිය අය අතර විදේශිකයන් ද සිටි බව බලධාරීන් පැවසීය.

පෘතුගාල රජය ඊයේ ජාතික ශෝක දිනයක් ලෙසට ද ප්‍රකාශයට පත් කර තිබුණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *