පද්මේගේ මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් නුවරඑළියේ

415

කෙහෙල්බද්දර පද්මේ විසින් මෙරට තුළ අයිස් මත්ද්‍රව්‍ය නිෂ්පාදනාගාරයක් නුවරඑළිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු අනාවරණ කරගෙන තිබේ.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින කෙහෙල්බද්දර පද්මේගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී මේ බව හෙළ වී ඇත.

සැකකරු විසින් ඒ සඳහා රුපියල් ලක්ෂ 40කට අධික මුදලක් යොදවා ඇති බවත්, ඊට නුවරඑළිය ප්‍රදේශයේ නිවසක් කුලියට ලබාගෙ ඇති බවත් වැඩිදුර ප්‍රශ්නකිරීම් වලදී පවසා තිබේ.

තවද ඒ සඳහා අවශ්‍ය කරනු ලබන රසායනික ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 2,000ක් පමණ මෙරටට ගෙන්වා ඇති බවත් සැකකරු පවසා ඇත.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *