මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයෙක් මියගොස් තවත් පුද්ගලයෙක් බරපතළ තුවාල රෝහල් ගත තිබේ.
ඊයේ (02) රාත්‍රී 11.00ට පමණ ලොරි රථයක් සහ බව්සර් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.
අනතුරින් මියගොස් ඇත්තේ, ලොරි රථයේ ගමන්කළ රිය සහායකයා බව වාර්තා වෙයි.
කෙසේ වෙතත් අප කළ විමසීමකදී පොලීසිය පැවසුවේ, මේ වනවිටත් පුද්ගලයෙක් ලොරි රථයට යටවී සිටින අතර එම පුද්ගලයාව බේරාගැනීමට කටයුතු කල අතර ඔහුද මිය ගොස් ඇති බවයි.



















