අද (ජූනි 4) දිනයේ අත්‍යවශ්‍ය සේවා සඳහා රාජකාරි ස්ථානවලට වාර්තා කරන පිරිස් සත්‍ය වශයෙන් ම එම ස්ථානවල සිටින්නේ ද යන්න පිළිබඳව පරීක්ෂා කිරීමේ විශේෂ මෙහෙයුමක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
ඒ සඳහා නිලධාරී කණ්ඩායම් 6ක් යොදවා අදාළ ස්ථාන පරීක්ෂා කිරීමට කටයුතු යොදා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, කොළඹට ඇතුළු වන ස්ථානවලදී ලබාගන්නා තොරතුරුවලට අනුව එම සොයා බැලීම් සිදු කරන බවය.
මේ අතර, අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් කරන වාහන හඳුනා ගැනීමට පොලිසිය හඳුන්වාදුන් ස්ටිකර් ක්‍රමය අද (ජූනි 4) දිනයේත් ක්‍රියාත්මක වේ.
ඊයේ (ජූනි 3) වන දා උදෑසන 6.30 සිට 9.30 දක්වා කාලය තුළ කොළඹ නගරයට වාහන 62,235ක් පමණ ඇතුළුවී ඇති බවත් ඉන් 3% පමණ අත්‍යවශ්‍ය සේවා නොවන වාහන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.
ඒ වාහන අතරින් 16, 571ක් ම ක්ෂේත්‍රයට අයත් වාහන වන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ය.
Source – Mawbima.lk


















