BREAKING NEWS
Search

වගා ලිදකට වැටී සිගිත්තෙක් අවාසනාවන්ත ලෙස මරුට

132

පොල්පිතිගම – පතිරැන්නේගම ප්‍රදේශයේ දී පිරිමි දරුවෙකු වගා ළිඳකට වැටීමෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අදාළ දරුවා ප්‍රතිකාර සඳහා පොල්පිතිගම රෝහලට ඇතුළත් කිරීමේදී මෙලෙස මිය ගොස් ඇති බව සඳහන් වේ.

මියගිය දරුවා වයස අවුරුදු 06ක් වූ වෙල්පිටිය, මොරගොල්ලාගම ප්‍රදේශයේ පදිංචි දරුවෙකි.

ඔහු තනිව සෙල්ලම් කරමින් සිටින අවස්ථාවේ නිවස පිටුපස තිබූ අනාරක්ෂිත වගා ළිඳට වැටී ඇති බව වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත.

මෘත ශරීරය පොල්පිතිගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර පොල්පිතිගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *