මැලේසියාවේදී අත්අඩංගුවට ගත් ප්‍රබල සංවිධානාත්මක කල්ලි නායකයකු වන කෙහෙල් බද්දර පත්මේ, කොමන්ඩෝ සලින්ත ඇතුළු පස් දෙනා අද (30) සවස 7.00 පමණ වන විට කටුනායක ගුවන් තොටුපළට රැගෙන ඒමට නියමිත බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය.
කටුනායක ගුවන්තොටුපළ පරිශ්‍රයේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පියවර ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

















