BREAKING NEWS
Search

ඉෂාරා සෙව්වන්දි ගැන අලුත් ආරංචියක්

1703

ගනේමුල්ලේ සංජීව  වෙඩි තබා ඝාතනය කිරීමට  විදේශගත පාතාල කල්ලි සාමාජිකයින් සමඟ  පූර්ව සැළසුම් සකස් කර අධිකරණය මගහැර සැඟව සිටිනවා  යැයි කියන ඉෂාරා සෙව්වන්දී සමග සම්බන්ධතා පැවැත්වූ තවත් පුද්ගලයකු අනාවරණය වී ඇති බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස් බෝදරගම  මහතා හමුවේ කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාසය  අද(29) පැවසීය.

ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති සැකකරුවන්ට අමතරව හඳුනාගත් මෙම පුද්ගලයා සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන සිදු කිරීමට නියෝග නිකුත් කරන ලෙසද පොලිසිය  ඉල්ලා සිටියේය.

මෙම සැකකාර පුද්ගලයා සෙව්වන්දිගේ ජංගම දුරකථනයට නිරන්තරයෙන්  ඇමතුම් ලබා දී ඇති බවත්,දුරකථන දත්ත වාර්තා ඔස්සේ සැකකරු හඳුනාගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට අදාල නියෝග නිකුත් කරන ලෙසත් වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

දැනට අත්අඩංගුවේ පසුවන සැකකරුවන් තිදෙනෙකු හා කළ ප්‍රශ්න කිරීම් අතරතුරෙදි මෙම සැකකාර සිම්පත හා දුරකථන සබඳතා සම්බන්ධයෙන් කරුණු අනාවරණය වී ඇති බවත් සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *