BREAKING NEWS
Search

දර්ගා නගරයේ දී පොලිස් වෙඩිතැබීමක්

193

පොලිස් නිලධාරීන්ට යකඩ පොල්ලකින් පහරදීමට සූදානම් වූ සැකකරුවෙකු පාලනය කිරීමට පොලීසියෙන් අහසට වෙඩිතබා ඇතැයි අලුත්ගම පොලීසිය පවසයි.

අලුත්ගම, දර්ගා නගරය ප්‍රදේශයේ දී වෙඩිතැබීම සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

දෙපිරිසක් අතර ආරවුලක් පවතින බවට 119 ඔස්සේ ලද තොරතුරක් මත පොලිස් නිලධාරීන් එම ප්‍රදේශයට ගොස්  සිටියදී සැකකරු යකඩ පොල්ලක් රැගෙන නිලධාරීන්ට පහරදීමට උත්සහ කර ඇති බවත්, එහිදී එක් නිලධාරියෙකු අත රැඳි රිවෝල්වරයකින් වෙඩි තබා ඇති බව සඳහන් වේ.

ආරවුල පාලනය කළ පොලිස් නිලධාරීන් සැකකරුව අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔහුව කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවත් පොලීසිය පැවසීය.

අලුත්ගම පොලීසිය පරීක්ෂණ පවත්වයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *