යාපනය දිස්ත්‍රික්කයේ විවාහ අපේක්ෂාවෙන් සිටි යුවළවල් 108ක් ඊයේ යාපනය, සෙල්වසන්නිදි කෝවිලේදී එකම නැකතකදී විවාහපත්වීම සිදු කරනු ලැබුවා..
එම දිස්ත්‍රික්කයේ අඩු අදායම්ලාභී පවුල්වල විවාහ අපේක්ෂාවෙන් සිටි යුවළවල් 108ක් එලෙස නැකතට තැල්ල බැදීමේ චාරිත්‍රය සිදුකරමින් විවාහ වුණු ඒ පුවත කාගේත් කතාබහට ලක්වුණා..
ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ 15ක පදිංචිව සිටි විවාහ අපේක්ෂිත යුවළවල් පිරිසක් එලෙස එකම කෝවිලකදි, හින්දු චාරිත්‍රානුකූලව විවාහපත් වීම එහිදී සිදු කළා…
සිංගප්පූරුවේ පදිංචි ටී. තුරෙයි නමැති ව්‍යාපාරිකයෙකු විසින් සිය මූල්‍ය දායකත්වය යටතේ සෑම විවාහ යුවළකට රන් පවුම් භාගය බැගින් රන් තැල්ලක් ලබාදී විවාහ මංගල්ලයේ මූල්‍ය දායකත්වය ලබාදීමද මෙහිදී කැපීපෙනුනා..




















