රුසියාවෙන් එල්ල කරන ලද මිසයිල සහ ඩ්‍රෝන් ප්‍රහාර මාලාවකින් යුක්රේනයේ කීව් හි පිහිටා ඇති යුරෝපා කොමිසමේ මූලස්ථානයට සහ බ්‍රිතාන්‍ය කවුන්සිලයට දැඩි හානි සිදුවී තිබෙනවා.
ඇතැම් විදෙස් වාර්තාවල දැක්වෙන්නේ ප්‍රහාරයෙන් එහි 18 දෙනකු මියගොස් ඇති බවයි. දරුවන් කිහිපදෙනකු ද ඒ අතර වන බව සඳහන්.
කෙසේවෙතත් තවත් වාර්තා මගින් සිදුවූ ජීවිත හානි පිළිබඳ කිසිවක් වාර්තා කර නැහැ.
මෙම ප්‍රහාරය පිළිබඳ යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශයක් කරමින් පවසා ඇත්තේ, යුක්‍රේන-රුසියා යුද්ධය නැවැත්වීමට යුරෝපා නායකයන්ගේ මැදිහත්වීමෙන් මේ දිනවල ක්‍රියාත්මක සාම සාකච්ඡාවට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින්ගේ පිළිතුර මෙය වන බවයි.
ප්‍රහාරය පිළිබඳ විරෝධය දැක්වීම සඳහා යුරෝපා කොමිසම සහ ලන්ඩනයේ සිටින රුසියානු තානාපතිවරුන් කැඳවා ඇති බව ද විදෙස් වාර්තාවල දැක්වෙනවා.
‘රුසියාව සාකච්ඡා මේසය වෙනුවට බැලස්ටික් තෝරාගෙන.’ යුක්‍රේන ජනාධිපති ව්ලොද්මීර් සෙලෙන්ස්කි පැවසුවේ රුසියාවට නව සම්බාධක ද පනවන ලෙස ඉල්ලමින්.
‘ඔවුන් තෝරාගෙන ඇත්තේ යුද්ධය අවසන් කිරීම වෙනුවට දිගටම ඝාතන කරන්නයි’ සෙලෙන්ස්කි වැඩිදුරටත් චෝදනා කළේ එලෙසයි.

















