BREAKING NEWS
Search

හිරාන් අපි බැඳපු මුල කිව්වා, මට ඔයත් එක්ක අවුරුදු දහයක් හිටියා නම් ඇති කියලා- හිරාන්ගෙන් වෙන්වීම ගැන හිරුණිකා පළමුවරට කියන කතාව

3786

ගෙවුණු කාලයේ වඩාත් කතාබහට ලක්වුණු මාතෘකාවක් තමයි, හිරාන් – හිරුණිකා යුවළගෙ වෙන්වීම.

දේශපාලනය සහ කලාව තුළින් නම දිනූ ඔවුන් සිය දරුවන් එක්ක ගෙවූ ජීවිතය හරි ආදරණීය එකක්.

ඒ කොහොම නමුත්, සිය වසර 10කට ආසන්න විවාහ ජීවිතය අවසානයකට අරන් එන්න හිරාන් – හිරුණිකා දෙන්නා තීරණය කරලා තිබුණා.

ඔවුන් දෙදෙනාගේම එකඟතාවයෙන් සහ අන්‍යෝන්‍ය අවබෝධයෙන් මෙම තීරණයට එළඹුණු බවයි සමාජ මාධ්‍ය ඔස්සේ කාටත් දැනුම් දුන් මේ වෙන්වීම ගැන ඔවුන් සඳහන් කරලා තිබුණෙ.

එයාකාරයෙන් කළ දැනුම්දීමෙන් පස්සෙ ඔවුන් සිය වෙන්වීම ගැන ප්‍රසිද්ධියේ කතා කළ බවක් දක්නට ලැබුණෙ නෑ.

නමුත් ගෙවුණු දවසක හිරුණිකා මේ ගැන කෙටි සඳහනක් කරලා තිබුණා.

ඒ, යූටියුබ් නාලිකාවක් හා පැවති සාකච්ඡාවකට එක්වෙමින්.

”මම හරියට විශ්ව ආකර්ෂණ නීතිය ගැන විශ්වාස කරන කෙනෙක්. හිරානුයි මමයි අපි දෙන්නා තාමත් හොඳ යාළුවෝ.

හිරාන් මට නිකන් ජොලියට වගේ ඒ දවස්වල කිව්වා අපි බැඳපු මුල, මට ඔයත් එක්ක දහයක් හිටියා නම් ඇති… අවුරුදු දහයක් හිටියා නම් ඇති කියලා හිනාවෙවී ජොලියට කියනවා එයා. යාළුවන්ටත් කියනවා එයා, මං දහයක් කම්ප්ලීට් කළොත් ඇති…

ඉතින් හරියටම දහයක් කම්ප්ලීට් කළා.

අපි විශ්වයට දෙන වචන අපිට අනිත් පැත්තට එනවමයි.

ඒක මේ තනියෙන් හිටපු මාස හය ඇතුළත මං හොඳට ඒ දේවල් අධ්‍යනය කළා…..”

(උපුටාගැනීම : 3 Minutes – SEPAL AMARASINGHE)




Leave a Reply

Your email address will not be published. Required fields are marked *