BREAKING NEWS
Search

ආසියානු කුසලානයට ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

151

ආසියානු කුසලාන විස්සයි20 ක්‍රිකට් තරගාවලියට තෝරාගත් ශ්‍රී ලංකා සංචිතය අද (28) පස්වරුවේ නම් කළේය.

චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් සමන්විත සංචිතයක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව විසින් මේ සඳහා නම්කර ඇත.

මෙවර තරගාවලිය සැප්තැම්බර් 9 වනදා සිට 28 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු තරගය සැප්තැම්බර් 13වනදා බංග්ලාදේශයට එරෙහිව ක්‍රීඩාකිරීමට නියමිතය.

ශ්‍රී ලංකා සංචිතය

1. චරිත් අසලංක (නායක), 2. පැතුම් නිස්සංක, 3. කුසල් මෙන්ඩිස්, 4. කුසල් පෙරේරා, 5. නුවනිදු ප්‍රනාන්දු, 6. කමිඳු මෙන්ඩිස්, 7. කමිල් මිෂාර, 8. දසුන් ශානක, 9. වනිඳු හසරංග, 10. දුනිත් වෙල්ලාලගේ, 11. චාමික කරුණාරත්න, 12. මහීෂ් තීක්ෂණ, 13. දුෂ්මන්ත චමීර, 14. බිනුර ප්‍රනාන්දු, 15. නුවන් තුෂාර, 16. මතීෂ පතිරණ




Leave a Reply

Your email address will not be published. Required fields are marked *