Search

එක් අයෙකුට මරු කැදවූ පානදුර වෙඩි තැබීම ගැන තවත් තොරතුරු හෙළිවෙයි.

756

පානදුර අලුබෝගහවත්ත ප්‍රදේශයේ දී වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

ඊයේ (27) රාත්‍රී නිවසක සිටි පුද්ගලයෙකුට යතුරු පැදියකින් පැමිණි බවට සැක කරන පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බව පොලීසිය පැවසුවේය.

වෙඩි වැදීමෙන් එම පුද්ගලයා මියගොස් ඇති අතර මෙලෙස මියගොස් ඇත්තේ 55 හැවිරිදි අලුබෝගහවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව සඳහන්ය.

ඝාතනයට හේතුව හා යොදා ගත් ගිනිඅවිය පිළිබඳ මෙතෙක් තොරතුරු අනාවරණය වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් පානදුර දකුණ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ පානදුර නිලංග නැමති අපරාධ කල්ලි සාමාජිකයාගේ මාමණ්ඩිය බව වාර්තා වේ.

පානදුර සලිඳු නැමති අපරාධ කල්ලි සාමාජිකයාගේ මෙහෙය වීම මත අදාළ වෙඩි තැබීම සිදුකර ඇති බවට සැකපළ වී ඇති බව පොලීසිය සඳහන් කළේය.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *