BREAKING NEWS
Search

කොලබ මාර්ගයක් හදිස්සියේ වසා දමයි

194

බොරැල්ල පොලිස් වසමේ දේවි බාලිකා වටරවුමේ සිට ඩී.එස්. සේනානායක හන්දිය දක්වා වූ කොළඹ දෙසට ඇතුළු වන මාර්ගය හදිසියේ වසා දැමීමට පියවර ගෙන තිබේ.

ඒ,  අද (27) දින උදෑසන සිට එහි ඉරිතැලීම් හා ගිලා බැසීමේ අවදානමක් හා අපජලය මාර්ගයට ගලා ඒම හේතුවෙනි.

එම ස්ථානයෙහි අලුත්වැඩියා කටයුතු සිදුකරන බැවින් කොළඹ දෙසට ඇතුළු වන මංතිරු මෙලෙස වසා දැමීමට පියවර ගෙන ඇත.

මේ හේතුවෙන් මාර්ගයේ රථවාහන ගමනාගමනයට බාධා ඇති විය හැකි බැවින් කොළඹ දෙසට ඇතුළුවන මාර්ගය භාවිත කරන රියදුරන් හැකිතාක් විකල්ප මාර්ග භාවිත කරන මෙන් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටී.

කොළඹින් පිටවන රථවාහන සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බවද පොලීසිය පවසයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *