BREAKING NEWS
Search

පහරදී පුද්ගලයෙකු ඝාතනය කෙරේ – නාවික සෙබළෙක් අත්අඩංගුවට

124

යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර ඇති සිදුවීමක් මකුළුගස්වැව පොලිස් වසමෙන් වාර්තා වේ.

පොලීසිය සඳහන් කළේ, පහරදී පුද්ගලයෙකු පැහැරගෙන ගොස් ඇති බවට මකුළුගස්වැව පොලිස් ස්ථානයට 119 දුරකථන අංකයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කළ බවය.

එහිදී අනාවරණය වී ඇත්තේ, පැහැරගැනීමට ලක් වූ පුද්ගලයා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටි අවස්ථාවේදී තවත් පුද්ගලයෙකු විසින් යතුරු පැදියෙන් ගමන් කරන ලද මාර්ගය හරස් කර නවතා පහරදී ඝාතනය කර ඇති බවය.

ඝාතනයට ලක්ව ඇත්තේ, වයස අවුරුදු 59ක් වූ දේවහුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සිද්ධියට සම්බන්ධයෙන් වයස අවුරුදු 26ක නාවික හමුදා සෙබළෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර කලක පටන් මරණකරු සමඟ පැවති ආරවුලක් දුරදිග යාම හේතුවෙන් සැකකරු විසින් මෙම ඝාතනය සිදුකර ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේ දී අනාවරණය වී ඇත.

මෘත ශරීරය දඹුල්ල රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර මකුළුගස්වැව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *