BREAKING NEWS
Search

මීළඟ නඩු දිනය ඔක්තෝබර් 29 වැනිදා

231

පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාරගත කර සිට අද (26) පස්වරුවේ දී ඇප මත මුදා හැරි, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සම්බන්ධ නීති කෘත්‍ය, එළඹෙන ඔක්තෝබර් 29 දා නැවත කැඳවනු ලබන බවට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (26) දිනයේ දී තීරණය කර තිබේ.

පොදු දේපළ පනත යටතේ චෝදනා ලද හිටපු ජනාධිපතිවරයා, කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනවියගේ නියෝගය පරිදි පසුගිය අගෝස්තු 22 දින රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර ඊට අදාළ නීති කෘත්‍ය අද (26) දිනයේ දී නැවත කැඳවනු ලැබීය.

එහිදී පැමිණිලි සහ විත්ති පාර්ශව විසින් අධිකරණය වෙත ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා ඇප මත මුදා හැරීමට අද දින නියෝග කෙරිණි.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *