BREAKING NEWS
Search

මම තවම පණපිටින්.ඒ නිසා අදාල අය පරෙස්සමින් ඉන්න.. ප්‍රේම කීර්ති ද අල්විස්ගේ පුතුගෙන් සටහනක්

28877
පූර්ණ කීර්ති ද අල්විස්,  ඔහුගේ මුළු ජීවිත කාලය පුරාම දුක සැප බෙදාගන්න හිටියේ තමන්ගේ ආදරණීය අම්මයි..
ඇගේ අවසාන කාලයේදී පුතෙක් විදිහට කළ යුතු පුද සත්කාර කිසිවෙකින් අඩුවක් නොකර ඇයව රැකබලාගන්නට ඔහු කටයුතු කළා..

ඒත් දැන් පූර්ණට මවත්, පියාත් මතකයක්ම විතරයි.. ඔවුන් නැති අඩුව ජීවිතය පිරවිය නොහැක්කක්..

ඒත් අද ඔහුත් ගිලන් වෙලා..

මේ වගේ මොහොතක තමන් ළඟ මව්පියන් නැති අඩුව ඔහුට මොන වගේ දැනෙනවා ඇතිද..? කොහොම වුණත්,  ගෙවීගිය ඔහුගේ උපන්දිනයත් එක්කම පූර්ණ තමන්ගේ මුහුණුපොතට එක්කරලා තිබුණේ මෙන්න මේ වගේ සටහනක්..

“අවාසනාවන්ත කාලයක් නිසාදෝ
හදවත ලෙඩ වුණා…
ඒ නිසා මගේ උපන්දිනයට සුබපැතූ ඔබට
ස්තුති කරන්න බැරි වුණා..
රෝහලේ හිටියේ.. සමාවෙන්න..
මා සමග සිටින ඔබ සැමට බොහොම ස්තුතියි..
අම්මා මැරුණට, තාත්තව මැරුවට
මම තවම පණපිටින්..
ඒ නිසා අදාල අය පරෙස්සමින් ඉන්න…
මම එනවා ආයේ..”




Leave a Reply

Your email address will not be published. Required fields are marked *