BREAKING NEWS
Search

රනිල්ට එරෙහි නඩු විභාගය ඇරැඹෙයි – රනිල් අද අධිකරණයට එනවද ?

74

මුදල් අවභාවිතා කළැයි රිමාන්ඩ් බාරයේ හිටපු ජනාධිපතිවරයකු වන  රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි  නඩු විභාගය  මේ වන විට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී  කැඳවා ඇත.

පසුගිය 22දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කට උත්තරයක් ලබා දීම සඳහා ගිය රනිල් වික්‍රමසිංහ මහතා අනතුරුව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

වික්‍රමසිංහ මහතා නිව්යෝර්ක් නුවර නිල සංචාරයකට ගොස් පැමිණෙන අතතුරදී ලන්ඩන් විශ්ව විද්‍යාලයක උපාධි ප්‍රදානෝත්සවයකට සහභාගීවීම සඳහා එංගන්තයට යාම සම්බනධයෙන් මෙම පරීක්ෂණ පැවැත්වෙයි.

රිමාන්ඩ් බාරයේ පසුවන හිටපු ජනපතිවරයා රෝගී තත්වයක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබයි

 

හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අද (26) දින අධිකරණයට ඉදිරිපත් නොකරන බව වාර්තා වේ.

රාජ්‍ය මුදල් අවභාවිතකිරීමේ චෝදනාවකට රක්ෂිත බන්ධනාගාර ගත කර, කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකර ලබමින් සිටින හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳ නීති කෘත්‍යය මේ වනවිට කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේදී යළි විභාගයට ගෙන තිබේ.

සිද්ධියට අදාළව පසුගිය 22 වෙනිදා අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපතිවරයා අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබුණි.

ඒ මහතාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගනිමින් එදින ඔහු බන්ධනාගාර රෝහලට ඇතුළත් කෙරුණු අතර වෛද්‍ය නිර්දේශ මත ඊට පසුදින ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරුණි.

ඒ අනුව මේ වන විට හිටපු ජනාධිපතිවරයා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන අතර ඔහු අද දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතුව තිබුණි.

කෙසේවෙතත් හිටපු ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සැලකිල්ලට ගෙන විශේෂඥ වෛද්‍යවරුන් 5 දෙනෙකුගෙන් යුත් කමිටුවක් මඟින් ඔහු අධීක්ෂණය සිදුකරන අතර අද දිනයේ අධිකරණයට ඉදිරිපත් නොකරන ලෙස වෛද්‍ය නිර්දේශ ලැබී තිබේ.




Leave a Reply

Your email address will not be published. Required fields are marked *