අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ හෙට දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර පසුගිය 22 වනදා නියෝග කළා.
අනතුරුව නව මැගසින් බන්ධනාගාරය වෙත රැගෙන ගිය හිටපු ජනාධිපතිවරයා බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසුව හදිසි වෛද්‍ය පරීක්ෂණ කිහිපයක් සදහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගත්තා.
මේ වනවිට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට විජලනය මත සංකූලතා තත්ත්වයක් හටගෙන ඇති බවයි කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සදහන් කළේ.
















